was an early aid for mathematical computations. Its only value is that it aids the memory of the human performing the calculation. A skilled abacus operator can work on addition and subtraction problems
Read More
Friday, December 13, 2013
Saturday, September 14, 2013
Nano Technology
Nano Technology is a engineering of a functional system at the molecular scale. This covers both current work and concepts that are more advanced.
In its original sense,nanotechnology refers to the projected ability to construct items from the bottom up, using techniques and tools being developed today to make complete, high performance products.
Read More
Sunday, May 19, 2013
පරිගණක මෙහෙයුම් පද්ධතිය (Operating System)
පරිඝණකයකින් වැඩ කර ගැනීම සඳහා
මෙහෙයුම් පද්ධතියක් (OS) අත්‍යාවශ්‍ය බව
අපි හැමෝම දන්නවා. පරිඝණක වල පමණක් නොවේ, Smart phone වලින් Tablet PC වලින් හා සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ ගන්නත් OS අවශ්‍ය වෙනවා. සංකීර්ණ යන්ත්‍ර සූත්‍ර මෙහෙයවන programs හැඳින්වෙන්නේ Embedded Systems කියායි. මේ OS කියන්නෙ මොකක්ද, පරිඝණකයක්
කොහොමද OS එකකින් වැඩ ගන්න පුලුවන් තත්වයට පත්වෙන්නෙ, OS
වර්ග මොනවාද, ඇයි අපිට OS එකක් ඇත්තටම
අවශ්‍ය යන කරුණු ගැන වැඩිදුර විස්තර අපි මේ ලිපියෙන් විමසා බලමු.
OS එකක් යනු පරිශීලකයා හා පරිඝණකයේ දෘඩාංග අතර සන්නිවේදනය සිදු කරන
අතුරුමුහුණතයි (interface). ප්‍රධාන වශයෙන් එය විධි 2කට දකින්න පුලුවන්.
- සම්පත් කළමණාකරණය (resource manager)
- එකම සම්පතට අයැදුම් (request) 2ක් ආ විට කාර්යක්ෂමතාව හා සාධාරණ භාවිතය පිලිබඳ සලකා බලා එය වෙන් කරයි
- පාලන ක්‍රමලේඛයක් (control program)
- දෝෂ වැලැක්වීම සඳහා හා පරිඝණකය අවිධිමත් භාවිතයෙන් වලක්වා ගැනීම සඳහා ක්‍රමලේඛවල (programs) ක්‍රියාකාරීත්වය පාලනය කිරීම.

- WindowsNT kernel – Windows NT, 2000, XP, Vista, 7, 8
- Linux kernel – ලිනක්ස් පාදක OS වල (Linux, Ubuntu, Fedora, Android ආදිය)
- XNU kernel – Mac OS X, iOS
- Unix kernel- UNIX
- DOS kernel - මුල්ම කාලයේ Windows OS වල
- Windows 9x kernel - Windows 95, 98, ME
Note: Linux, BSD kernels ලියැවුනේ Unix kernel එක පාදක කරගෙනයි. XNU kernel එක ලියැවුනේ Mach kernel එක හා BSD kernel එක පාදක කරගෙනයි.
OS එකක් සඳහා
තියෙන්න ඕන ගති ලක්ෂණ පිලිබඳ එක් නිශ්චිත නිර්වචනයක් නෑ. ඒකට හේතුව දැනට ලෝකයේ
තියෙන OS
එකින් එකට වෙනස් ගති ලක්ෂණ පෙන්වනවා. ඉතා අඩු මතකයක් භාවිතා කරන OS
එකක පරිශීලක හිතෛෂී (user friendly)
නොවෙන interface එකක් තියෙන්න පුලුවන්. ඒ වගේම ගිගා බයිට් ගානක මතකයක් භාවිතා කරන OS
එකක user friendly interface එකක් තියෙන්න පුලුවන්. කොටින්ම OS
එකක් තෝරගනු ලබන්නේ පරිශීලකයාගේ රුචිය අනුවයි.
පරිඝණක ඇරඹුම් ක්‍රියාවලිය (Computer Boot Process)
පරිඝණකයක් බල ගැන්වූ මොහොතේ සිට තිරයේ අයිකන මතුවන මොහොත දක්වා සිදුවන්නේ කුමක්දැයි ඔයාලා කවදා හරි සිතා බැලුවාද?
එහෙනම්
අපි දැන් ඒ ගැන සොයා බලමු.
![]() |
Boot Process |
- පරිඝණකයේ ස්විචය ක්‍රියාත්මක කල විගස ස්පන්දකය (system clock) ක්‍රියාත්මක වී එහි ස්පන්ද (clock signals/pulses) මඟින් මධ්‍ය සැකසුම් ඒකකය (CPU) ක්‍රියාරම්භ (initialize) වෙනවා. CPU එක initialize වීමේ එක් කොටසක් වනුයේ මූලික ආදායක/ ප්‍රතිදායක පද්ධතියේ (BIOS) ඇති ඇරඹුම් ක්‍රමලේඛයේ (startup program) පළමුවන උපදෙස (instruction) සොයා ගැනීමයි. මෙය Power-On Self Test (POST) වැඩසටහන ධාවනය කිරීම සඳහා උපදෙසයි. BIOS මඟින් මෙම උපදෙස standard memory location එහෙක රඳවනවා.
- ඉන්පසු CMOS (Complementary Metal Oxide Semiconductor) මතකය පරීක්ෂා කිරීම මඟින් POST වැඩසටහන ආරම්භ වනවා. බැටරිය ඇනහිට නොමැති නම් POST වැඩසටහන දිගටම ක්‍රියාත්මක වෙනවා. POST මඟින් පරිඝණකයට සවි කර ඇති සියළුම දෘඩාංග පරීක්ෂා කර බලා ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වන බවට තහවුරු කරගන්නවා.
- ඊට පසු BIOS මඟින් පරිඝණකයේ පාලනය ස්වාරම්භක වැඩසටහනට (bootstrap program/ bootstrap loader) ලබාදෙනවා. මෙම වැඩසටහන මඟින් කලින් POST වැඩසටහනෙන් හඳුනා ගත් ආචයන ආම්පන්න (storage devices) එකින් එක ඇරඹුම් පටිපාටියේ (boot sequence) පිලිවෙලට සොයා බලනවා. ඒ Master Boot Record (MBR) එක සඳහා.
- මේ විදියට හමුවන MBR එකක් සහිත පලමුවන storage device එක ඇරඹුම් ධාවකය (boot drive) වනවා. එහි ඇති MBR එක සසම්භාවී ප්‍රවේශ මතකයට (RAM) ප්‍රවේශනය කරනවා (load). ඒකෙන් OS එකෙහි kernel එක ආචිත ස්ථානය (stored location) සඳහන් වෙනවා.
- මෙම ස්ථානයෙන් kernel එක RAM එකට ප්‍රවේශනය (load) කරගෙන execute කරනු ලබනවා. පරිඝණකය ධාවනය වෙනවා යනුවෙන් හඳුන්වන්නේ මේ අවස්ථාවේදියි.
- මීලඟට පරිඝණකයේ පාලනය සම්පූර්ණයෙන්ම OS එක ලබාගන්නවා.
- මින්පසු OS එක විසින් නැවතත් දෘඩාංග සෙවුමක් (hardware search) ක්‍රියාත්මක කරනවා. මෙම සෙවුම මඟින් memory හා එහි වැඩෙහි යෙදිය හැකි ප්‍රමාණය නිර්ණය කරනවා. ඒ වගේම මවු පුවරුවට (mother board) සම්බන්ධව ඇති සියළුම පර්යන්ත ආම්පන්න (peripheral devices) පාලනය සඳහා අවශ්‍ය ආම්පන්න ධාවක (device drivers) load කරගනු ලබනවා.
- OS එක මුලින් ක්‍රියාත්මක කල යුතු විධානයන් ක්‍රියාත්මක කර චිත්‍රක පරිශීලක අතුරුමුහුණත (GUI) තිරයේ දිස් කොට userගේ විධානයක් බලාපොරොත්තුවෙන් සිටිනවා.
එතැනින් ඒක අවසන්. මේ සම්පූර්ණ ක්‍රියාවලිය හැඳින්වෙන්නේ ඇරඹුම් ක්‍රියාවලිය (boot process) ලෙසයි. කෙටියෙන් කියනවනම් ඇරඹුම (booting) යනු OS එකක් පරිඝණකයේ RAM එකට load කරගැනීමයි. Smart Phone හා Tablet PC වල boot process එක මඳක් වෙනස් වුවත් මෙයට බොහෝ සමානයි.
කලින්
සඳහන්
කල BIOS
වැඩසටහන පිහිටා ඇත්තේ පඨන මාත්‍ර මතකයෙහියි (ROM). එයට ROM එකක් යොදා ගැනීම සඳහා
හේතු වශයෙන්
- එය ස්ථීර මතකයක් වීම (RAM තාවකාලිකයි)
- එය initialize කිරීමට අවශ්‍ය නොවීම
- වෛරසයන්ට පහසුවෙන් එයට ලඟා වීමට හැකි නොවීම දැක්විය හැකිය.
බහුලව
භාවිතා වන bootstrap loaders වන්නේ මේවායි.
- GNU grand unified boot loader (GRUB): ලිනක්ස් පාදක OS සඳහා විවෘත කේත (open source) bootstrap program එකක්.
- NT loader (NTLDR): Windows NT සිට Windows XP දක්වා වූ bootstrap program එක.
මෙහෙයුම් පද්ධති වර්ගීකරණය
- තනි පරිශීලක - තනි කාර්ය (single user – single task)
එක වෙලාවකට එක පරිශීලකයෙකු පමණයි. එම
පරිශීලකයාට කල හැක්කේද එක වැඩකි.
උදා: පාම් අත් පරිගණකයේ (Palm
hand held computer)
Palm OS එක
- තනි පරිශීලක - බහු කාර්ය (single user – multi task)
එක වෙලාවකට එක පරිශීලකයෙකුට වැඩ
කිහිපයක් කල හැකියි. අද බහුලව ඩෙස්ක්ටොප් පරිඝණකයේ හෝ ලැප්ටොප් පරිඝණකයේ භාවිතා වන
OS
මේවාට අයිති වේ. CPU
එක ඇත්තටම හසුරුවන්නේ
වරකට එක් ක්‍රමලේඛයක් වුවත් එහි වේගය හා කාර්යක්ෂමතාවය
නිසා අපට පේන්නේ ක්‍රමලේඛ සමගාමීව ධාවනය වෙන ලෙසයි. මෙවැනි OS
නිර්මාණය වී ඇත්තේ පරිශීලක හිතෛෂී බාවය සිත්හි තබාගෙනයි. සම්පත්
භාවිතය පිලිබඳ වැඩි අවධානයක් මෙහි යොමු කර නැහැ.
උදා: Microsoft Windows, Apple
Macintosh, Google Android
- බහු පරිශීලක - බහු කාර්ය (multi user – multi task)
මේ වර්ගයේ OS
බොහෝ විට භාවිතා
වන්නේ මහා පරිඝණක (Mainframe computers) වලයි. ජාලගත පද්ධති මඟින්
බොහෝ පරිශීලකයන්ට එකවර Mainframe computer එකෙන් වැඩ ගන්නට පුළුවන්. මෙහෙයුම්
පද්ධතිය මඟින් පරිඝණකයේ සම්පත් පරිශීලකයන්ට වෙන්
කර දෙනවා. CPU එක වරකට හසුරුවන්නේ එක්
පරිශීලකයෙකු පමණක් නමුත් එහි වේගය හා කාර්යක්ෂමතාවය නිසා අපට පේන්නේ එකවර
පරිශීලකයන් ගොඩක් හසුරුවන ආකාරයටයි. සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම ගැන වැඩි
අවධානයක් මේ OS යොමු කරනවා.
උදා:
Unix,
Windows Server
- බහුපොට (multithreading)
එක් මෘදුකාංගයක කොටස් වෙන් වෙන් වශයෙන්
සමගාමීව ධාවනය කිරීම සිදුවෙනවා. අද භාවිතා වන මෙහෙයුම් පද්ධති සියල්ලම වාගේ multithreading
සඳහා
ආධාර කරනවා.
- තථ්‍ය කාල (real time operating system - RTOS)
RTOS යොදා ගැනෙන්නේ තථ්‍ය කාල යෙදුම් අයැදුම් (application requests)
ඉටු කිරීම සඳහායි.
එයට ආදානයක් (input) ලැබුනු විගස අන්තරා
පමාවකින් (buffering delay) තොරව දත්ත සැකසීමේ හැකියාව
තිබිය යුතුයි. මේවා බොහෝ විට යොදා ගන්නේ යන්තසූත්‍ර, කාර්මික පද්ධති, විද්‍යාත්මක
පද්ධති වැනි සංකීර්ණ පද්ධති පාලනය කිරීම සඳහායි.
උදා: ATM system
උදා: ATM system
මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය
- පරිඝණකය හා පරිශීලකයා අතර අතුරු මුහුණත
පරිඝණකයට තේරෙන්නෙ එක භාෂාවක් (machine
language), අපිට තේරෙන්නෙ තව භාෂාවක්. අපි පරිඝණකයක් භාවිතා
කරන්නේ අපේ කුමක් හෝ කාර්යයක් ඉටු කර ගැනීම සඳහායි. ඒ සඳහා
අප විසින් පරිඝණකයට නොයෙකුත් විධාන (commands) ලබා දීම සිදු කරනවා. මේ විධාන machine
language එකෙන් ලබා දුන්නොත් මෙන්න මේ විධියට දිස් වේවි.
මුකුත් තේරෙන්නෙ නෑ නේ? පරිශීලක
අතුරුමුහුණත් (user interface) කරලියට ආවේ මේ
හේතුව හින්දයි. පරිශීලක අතුරුමුහුණත් වර්ග 2ක් තියෙනවා.
- විධාන පේලි
අතුරුමුහුණත (Command Line Interface/ CLI)
යතුරු පුවරුව භාවිතයෙන් තමයි විධාන ලබා දෙන්නෙ.
- දෘඩාංග පාලනය හා
මෘදුකාංග කළමණාකරණය
මෙය පොදුවේ සම්පත් කළමණාකරණය (resource management) ලෙස හැඳින්විය හැකියි. Program කිහිපයක් එකවර මුද්‍රකයට (printer) යමක් මුද්‍රණය කලොත් කුමක් වේවිද? පලවෙනි program එකෙන් පේලි කිහිපයක්, දෙවෙනි program එකෙන් පේලි කිහිපයක්, තෙවෙනි program එකෙන් පේලි කිහිපයක් යනාදි වශයෙන් මුද්‍රණය වුනොත් එයින් අපිට කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. මේ අවස්ථාවේදී OS එක විසින් මුද්‍රණය කල යුතු ප්‍රතිදාන (output) පිලිවෙලට තැටියේ අන්තරා (buffer) කරනවා. ඉන්පසු එකින් එක තැටියෙන් printerයට පිටපත් කර මුද්‍රණය කරනවා. Resource Management යනු මෙයයි.
Resource management ආකාර 2කට සිදුවෙනවා, කාලය හා අවකාශය (Time and Space) ලෙසින්.
කාලය මඟින් සම්පතක් කළමණාකරණයේදී එක් එක් program එකට හෝ userට එම resource එක භාවිතා කිරීමට කාලයක් වෙන් වෙනවා. එම කාලය ඉක්මවූ පසු ඊළඟ program එකට හෝ userට අවස්ථාව හිමිවෙනවා. ඊළඟ program එක හෝ user කවුද යැයි තීරණය කරනු ලබන්නේ OS එක විසිනුයි. මෙය හඳුන්වන්නේ ක්‍රියායන උපලේඛනය (process scheduling) ලෙසයි. සියල්ලන් විසින් එම resource එක භාවිතා කිරීම අවසන් වන තෙක් මේ ක්‍රියාවලිය වක්‍රාකාරව දිගටම සිදුවෙනවා. මේ අයුරින් කාලය මඟින් Resource management වලට උදාහරණ ලෙස CPU එක දක්වන්න පුලුවන්.
අවකාශය මඟින් සම්පත් කළමණාකරණයේදී යම් resource එකක් භාවිතා කරන සෑම program එකකටම හෝ user කෙනෙකුටම එම resource එකෙන් කොටසක් හිමිවෙනවා. මෙයට උදාහරණ ලෙස ප්‍රධාන මතකය (main memory) හා දෘඩ තැටිය (hard disk) දක්වන්න පුලුවන්. ප්‍රධාන මතකයක් සාමාන්‍යයෙන් ක්‍රමලේඛ කිහිපයක් රඳවා ගැනීමට තරම් විශාල නිසා එය කාලය මඟින් program අතර බෙදා වෙන් කිරීම කාර්යක්ෂම නෑ. ඒවගේම hard disk එකෙත් එකවර පරිශීලකයන් කිහිප දෙනෙකුගේ ගොනු (files) රඳවා තබා ගත හැකියි. ඒ සඳහා අවකාශය වෙන් කිරීම හා එක් එක් user භාවිතා කරන තැටි කොටස (disk block) ගැන සටහන් තබා ගැනීම සම්පත් කළමණාකරණයට අයිති වැඩකි. මෙලෙසින් අවකාශය බෙදා වෙන් කරන කොට මතුවන සාධාරණත්වය, ආරක්ෂාව පිලිබඳ ගැටළු වලට විසඳුම් සෙවීම OS එක සතු තවත් කාර්ය භාරයකි.
පරිශීලකයන් ගොඩක් පරිඝණකයක් හෝ ජාලයක් (network) භාවිතා කරන විට main memory, ආදාන ප්‍රතිදාන ආම්පන්න (input/output devices) සහ අනෙකුත් සම්පත් කළමණාකරණය හා ආරක්ෂා කිරීම ඉතා වැදගත් වනවා. නැත්නම් එක් user කෙනෙක් තව කෙනෙකුට බාධාවක් වන්න පුලුවන්. Hardware පමණක් නොවෙයි, පරිශීලකයන්ට files, දත්ත සමුදායන් (data bases) වැනි තොරතුරු පවා බෙදා ගැනීමට අවශ්‍ය වෙනවා. කොටින්ම සම්පත් කළමණාකරණයේදී OS එක කවුරු කුමන resource එක භාවිතා කරයිද, resource සඳහා වන request වලට අවසර ලබා දීම, භාවිතය පාලනය කිරීම හා විවිධ programs හා users අතර ඇතිවන ගැටළුකාරී අයැදුම් සඳහා විසඳුම් සෙවීම යන ක්‍රියා වල නිරත වෙනවා.
පරිඝණකය hardware level එකෙන් ගත් කල ඉතා සංකීර්ණ පද්ධතියකි. එම නිසා එය program කිරීමද අපහසු කාර්යයකි. Programmerට program කිරීම පහසු කිරීම සඳහා පරිඝණකය හා සමාන එහි විහිදුවන ලද යන්ත්‍රයක් (extended machine) හෙවත් අතථ්‍ය යන්ත්‍රයක් (virtual machine) ලබා දීම OS එක මඟින් සිදු කරනවා.
Hard disk එකක් කියවීම (read) හෝ ලිවීම (write) වැනි සරල විධානයක් පවා ඇත්තටම ගත් කල ඉතා සංකීර්ණ ක්‍රියා දාමයක්. අපි පරිඝණකය ඇතුලටම ගොස් බැලුවොත් Hard disk එකේ මෝටරය ක්‍රියාත්මක කිරීමේ පටන් read කරන්නේ හෝ write කරන්නේ කුමන තැටි පථයේ (track) කුමන ඛණ්ඩකයේ (sector) කුමන කොටස් (block) ටිකද යන්නත්, අවසානයේ මෝටරය ක්‍රියා විරහිත කිරීම දක්වා සියළු commands programmer විසින් පරිඝණකයට ලබා දිය යුතු වෙනවා. මෙය ඉතාම නීරස හා වෙහෙසකාරී ක්‍රියාවක්.
මේ ආකාරයෙන් program කරන්න ගියොත් programmerගේ කාලය නාස්ති වනවා පමණක් නොව ඔහු අතින් වෙන්න පුලුවන් වැරදි ප්‍රමාණයත් වැඩී. එම වැරදි හැදීම ඊටත් වඩා අසීරු වෙනවා. ඒ වෙනුවට programmer කෙනෙකුට අවශ්‍ය වන්නේ සරල, ඉහළ මට්ටමේ සාරාංශයක් (high level abstraction) පමණි. ඉහත උදාහරණය ගත්තොත් programmer කෙනෙකුට අවශ්‍ය වන්නේ file එකක් විවෘත කර එය read කර හෝ එයට write කර අවසානයේ file එක වසා දැමීම පමණයි.
OS එක විසින් hardware ගැන ඇත්ත සඟවා programmerට අවශ්‍ය මෙම සරල, ඉහළ මට්ටමේ සාරාංශය ලබා දෙනවා. ඉහත උදාහරණය ගත් කල programmer ඇත්තටම commands ලබා දෙන්නේ OS එක විසින් ලබා දෙන ගොනු ව්‍යුහය (file structure) එක උපයෝගී කරගෙනයි.
මේ අයුරින් OS එක අපට හැසිරවීමට අපහසු බාධා (interrupts), කාලමාපක (timers), මතක කළමණාකරණය (memory management) සහ අනෙකුත් පහළ මට්ටමේ අංගයන් සඟවනවා. මෙසේ ලබා දෙන abstraction view එක virtual machine එක ලෙසින් හැඳින්වෙනවා. Programs වලට පරිඝණකයෙන් ලබා ගත යුතු විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා OS එක විසින් System Calls යන විශේෂ instructions ලබා දෙනවා. read හා write යනු එවැනි System calls 2කි.
Windows Phone

මුලින්ම නිකුත් වෙච්ච Windows Phone සංස්කරණය තමා Windows Phone 7. ඒකේ
තිබිච්ච දුර්වලතා සියලම වගේ මග හැරලා දැන් Windows Phone 8 සංස්කරණය මේ
මෑතකදී එලිදක්වනු ලැබුවා. මේ මෙහෙයුම් පද්දති එලිදැක්වීමත් සමගම වෙලද පොලට
තරගකාරී දුරකතන නිකුත් කරන්න හුගක් ජංගම දුරකථන නිශ්පාදකයින් උත්සුක උනා.
- Nokia Lumia 925
- Nokia Lumia 920
- Nokia Lumia 820
- Nokia Lumia 720
- Nokia Lumia 520
- HTC 8X
- HTC 8S
- Samsung ATIV S
- HUAWEI Ascend W1
ඉතින් මේ වගේ දුරකතන මාදිලි ගනනාවක් නිකුත් කරන්න හේතුවුනේ මේ Windows Phone 8 තුල සිත් ඇදගන්නා විශේෂාංග රැසක් තිබීම.
- Live Tiles
භාවිතා කරන්නාට උවමනා කරන තොරතුරු සැනින් ලබාදීමට මෙන්ම දුරකතන අතුරු මුහුණත වර්ණවත් කිරීමත් Live Tiles තුලින් ලැබෙන වාසි දෙකක්.
- Windows Phone Store (පිවිසෙන්න)
Apple, Android වගේම Windows Phone වලටත් වෙනමම apps භාගත කල හැකි
වෙළදපොලක් තියෙනවා. මේකේ තියෙන විශෙෂත්වය තමා මේකට apps එකතු කරද්දි ඉතාමත්
දැඩි පරීක්ෂණ ක්‍රියාව්ලියකට ලක් කෙරෙනවා. ඒ තුලුන් මයික්‍රොසොෆ්ට් සමාගම
බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාගේ දත්ත සහ දුරකථනයේ ක්‍රියාකාරීත්වයට
කිසිදු හානියක් නොවීමට වග බලා ගැනීමයි.
Tuesday, March 26, 2013
කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ශණය කෝ
1947සිට අදවන තෙක් පිටසක්වල යානා ගණනාවක් කඩාවැටුනු බවත්, එම යානාවලින් තාක්ශණය බටහිර රටවල්, විශේෂයෙන්ම අමෙරිකාවට ලැබුණු බවත් එමගින් අමෙරිකාවේ තාක්ශණික නිම්වළලු පුළුල් පුලුල්වුනු බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු අමෙරිකාව ලෝක් තාක්ශණ බලවතා වීමට මෙම තාක්ශණය ඉවහල් වුනු බවත් පැවසෙනවා.
එහෙත් මෙම කල්පිතයේ ගැටලු කිහිපයක් සංශයවාදීන් (skeptics) විසින් පෙන්වා දෙනවා...
මෙයින් බොහෝ දෙනෙකු පිලිගන්නා ගැටළුව නම්...වසර 60කට අධික කාලයක් මෙම යානාවලින් උකහාත් තාක්ශණයෙන් අමෙරිකානු තාක්ශණ පරිචය පුළුල් වූවානම් තවමත් එම තාක්ශණය මුඛයධාරාවේ (mainstream) තාක්ශණික සමාගම්වලට ලැබෙන ආකාරය හෙලිවී නැත්තේ ඇයි? යන ගැටළුවයි.
මෙම ලිපියේ අරමුණ පිටසක්වල යාන පෘථිවියට පැමිණීම හා කඩාවැටුනු එම යානා අමෙරිකාව සතුවීම, එම යානාවල තාක්ශණය ප්‍රති-ඉන්ජිනේරුකරණය (reverse engineered) කිරීම මගින් අමෙරිකානු තාක්ශණය දැවැන්ත ඉදිරි පියවර තැබීමට සමත්වීම පිලිබඳව පැතිරී තිබෙන තර්ක ප්‍රතික්ශේප කිරීමට සංශයවාදීන් විසින් ඉදිරිපත් කරන ඉහත ගැටලුවලට ලේඛකයා පරිශීලණය කරණලද පොත්පත් සඟරා හා අන්තර්ජාල ලිපි ඇසුරින් උකහාගත් තොරතුරු මත පිලිතුරු සැපැයිමයි. එහෙත් මෙම පිලිතුරු හුදෙක් කල්පිත පමණක් බව පාඨකයන් සිහිතබාගත යුතුයි.
එක්සත් ජනපද යුධ හමුදාවේ "Z හමුදාඅංශය" (Z Division of the US Army)
කාඩාවැටුනු පිටසක්වල යානා තාක්ශණය පිලිබඳ අමෙරිකානු පරිච්ඡේදය ආරම්භ වන්නේ එක්සත් ජනපද හමුදාවේ රහසිගත ඩිවිශණයක් වූ Z හමුදාංශයෙනි. Z ඩිවිශනය යනු අමෙරිකානු රජය මගින් දෙවන ලෝක යුධ සමයේ ආරම්භකොට තිබුණු පරමාණු බෝම්බයක් නිපදවීමේ මෑන්හැටන් ව්‍යාපෘතිය අධීක්ශණය හා සම්බන්ධීකරණය කල හමුදාංශයයි.
Z ඩිවිශණයේ ආරම්භක මූලස්ථානය වූයේ නිව් මෙක්සිකෝවේ රොස්වෙල් යුධහමුදා ගුවන් කඳවුරයි (Roswell Army Air Field). මේ රොස්වෙල් ප්‍රදේශය සුප්‍රකට රොස්වෙල් පිටසක්වල යානය කඩාවැටුනු රොස්වෙල් ප්‍රදේශයම වෙතත් Z ඩිවිශනය රොස්වෙල්හි ආරම්භවීමට හේතුවූවේ රොස්වෙල් පිටසක්වල යානය නොව අමෙරිකාවේ පරමාණු බෝම්බ ගෙනයා හැකිලෙස අනුවර්තය කොට තිබුණු බෝම්බ ප්‍රහාරක යානාවල මව් කඳවුර රොස්වෙල්හි යුධහමුදාගුවන් කඳවුර වීමයි. මේ කාලය වනවිට අමෙරිකානු ගුවන් හමුදාව ස්ථාපිත කොට නොතිබූ අතර "US Army Air Force" ලෙස හැඳිවූ එය අමෙරිකානු යුධහමුදාවේ අංශයක් ලෙස පැවතින.
පර්මාණු බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සමත් ගුවන්යානා හා පුහුණු තාක්ශණික ශිල්පීන් ස්ථානගත කොට තිබූ රොස්වෙල්හි පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කාර්යාංශය පිහිටුවා තිබුණු. අහම්බයක් ලෙස පිටසක්වල යානාවක් රොස්වෙල් වලට කඩාවැටීමත්, එය අතිශය රහසිගත ලෙස සැළකීමට අමෙරිකානු දේශපාලන හා හමුදා නායකත්ව තීරණය කිරීමෙන් අනතුරව එම යානාවේ සුන්බුන් ආරක්ශිතව තබාගැනීම, අතිශය රහසිගත ලෙස පරමාණු අවි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම සඳහා සියලු රහස් ක්‍රමෝපායන් අනුගමණය කරමින් පිහිටුවා තිබුණු Z ඩිවිශණයට පැවරුණු බව පැවසේ.
Bell Laboratories & Z Division
සුප්‍රකට බෙල් පර්යේශණාගාරය ගැන ඔබ සමහරවිට අසා ඇති. එසේ නැති ඔබට බෙල් පර්යේශණාගාරය යනු ට්‍රාන්සිස්ටරය, ලේසර් කිරණ, ඩිජිටල් කැමරාවල හදවත වන ආලෝක සෙන්සරයේ ප්‍රාරම්භක "Charged Coupled Device - CCD" තාක්ශණය, C හා C++ පරිගණක භාශා, UNIX මෙහෙයුම් පද්ධතිය වැනි අතිශය වැදගත් නිර්මාණ සිදුකල අමෙරිකානු තාක්ශණික විප්ලවයේ ප්‍රමුඛතම තිඹිරිගෙය බව දැනගැනීම වැදගත්ය.
දෙවන ලෝක යුද්ධය අවසානය දුටු 1947 වසරේදී, එවක අමෙරිකානු ජනාධිපතිවරයා වූ ඩ්වයිට් අයිසන්හවර්, පරමාණු බෝම්බය නිපදවීම හා ඒ සමගින් බිහිවුනු දැවැන්ත තාක්ශණික ජයග්‍රහණ වැඩිදියුණු කිරීමටත්, එම තාක්ශණයන් වාණිජමය වශයෙන් අමෙරිකානු ආර්ථිකයේ වර්ධනය සඳහා වැඩිදියුණු කිරීමටත් බෙල් ලැබ්ස් ආයතනයට පැවරීමට තීරණය කලේ එවකට අමෙරිකාවෙන් බිහිව තිබුණු ප්‍රමුකතම තාක්ශණික ආයතනය එයවීම නිසයි. ඒ අනුව පරමාණු බෝම්බය නිමැවිමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කල, එම තාක්ශණයේ සුරක්ශිතාගාරය ලෙසද කටයුතු කල යුධහමුදාවේ Z ඩිවිශණයේ බොහෝ කාර්යයන්ද බෙල් ලැබ්ස් සමාගමට පැවරුනා. මෙම පැවරීමත් සමග Z ඩිවිශණයේ තවත් නොනිළ කාර්යභාරයක් බවට අහඹුවෙන් පත්වී තිබුණු රොස්වෙල් පිටසක්වල යානයේ අධිතාක්ශණික සුන්බුන් හා එම සුන්බුන් විශ්ලේෂණය කිරීමෙන් ලියැවුනු විශේෂඥ වාර්තා බෙල් ලැස් පර්යේෂ්ණායතනයට ලැබෙන්නට ඇතැයිද අනුමාන කෙරෙනවා.
බෙල් ලැබ්ස් ආයතනයේ පර්යේෂකයින් විසින් එම වසරේදීම (එනම් 1947 අවසන්වීමට පෙර) ලොව ප්‍රථම ට්‍රාන්සිස්ටරය නිර්මාණය කිරීම තනිකරම අහඹුවක්ද එසේත් නැතිනම් ඔවුන්හට රොස්වෙල් යානයේ තිබූ පිටසක්වල ඉලෙක්ට්‍රොණික උපාංග නිරීක්ශණය කිරීමට හෝ එම උපාංග පරීක්ශාකර ලියැවුනු පර්යේශණ වාර්තා කියවීමට ලැබුණාද, එමගින් ඔවුනට ට්‍රාන්සිස්ටරයක් ප්‍රායෝගිකව නිමැවිය හැකි ආකාරය පිලිබඳව අදහසක් මතුවුනාදැයි තිරණය කිරීම ඔබට භාරකරමි...
1969 වසරේදී, එනම් Z ඩිවිශණය හා පිටසක්වල සුන්බුන් හා ඒවායේ විශ්ලේෂණ වාර්තා බෙල් ලැබ්ස් ආයතනය ලැබී වසර 22කට පසු ඔවුන් විසින් නූතන ඩිජිටල් කැමරා තාක්ශණය නිර්මාණය සඳහා මූලිකම තාක්ශණය වූ ආලෝක සංවේදී සංගෘහිත පරිපථයක් වන CCD වර්ගයේ පරිපථයක් නිමැවුනා. මෙයට වසර 22ක් වැනි විශාල කාළයක් ගියේ ඇයිදැයි ඔබට ගැටලුවක් පවතීනම් එයට පිලිතුර නම් 1947දී නිමැවුනු ට්‍රාන්සිස්ටරය, එවැනි ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකම සිලිකන් පතක පිහිටවුනු සංගෘහිත පරිපථයක් (integrated circuit) ලෙස වැඩිදියුණු වීමට 1958 තෙක් වසර 11ක් ගතවුනු බව කළ්පණාකල යුතුය. CCD ආලෝක සෙන්සරයක් යනු ආලෝක සංවේදක ක්ශුද්‍ර කැපෑසිටර් ඇති සංගෘහිත පරිපථයකි. පිටසක්වල තාක්ශණ සුන්බුන් තිබුණද එවක පැවතුනු පෘථිවි තාක්ශණයෙන් එවැන්නක් ප්‍රථිනිර්මාණය කිරීමට වසර ගණනාවක් ගතවිය හැකි බව පිලිගැනීම එතරම් අපසු නොවිය යුතුබව මාගේ හැඟීමයි.
එමෙන්ම 1957 වසර වනවිට බෙල් ලැබ්ස් ආයතනයේ පර්යේෂකයින් ලේසර් තාක්ශණය පිලිබඳව පර්යේෂණ ආරම්භ කොට තිබුණු බවද සටහන් කල යුතුය. ලේසර් කිරණ තාක්ශණය හා ඒ සබැඳුනු ලේසර් කිරණ මගින් අධිවේගී ලෙස දත්ත සම්ප්‍රේශණය ප්‍රකාශ තන්තු (fibre optics) වල කොටස් රොස්වෙල් වෙත කඩාවැටුනු පිටසක්වල යානයේ තිබුණු බවට වාර්තා ගණනාවක් ඇත.
"Day after Roswell"
මින් ප්‍රමුඛතම සටහන තැබෙන්නේ "Day after Roswell" නම් ග්‍රන්ථයක් සම්පාදනය කල අමෙරිකානු යුධහමුදා කර්නල් වරයෙකු වූ ෆිලිප් කෝර්සෝ විසිනි. අමෙරිකානු යුධහමුදාවේ බුද්ධි අංශයේ විදෙස් තාක්ශණ අංශයේ උසස් නිළයක් දැරූ බව පැවසෙන කෝර්සෝ රොස්වෙල් පිටසක්වල තාක්ශණ සුන්බුන් විවිධ අමෙරිකානු පර්යේශණාගාර වලට බෙදා හැරීමේ සැළසුම භාරව ක්‍රියාකල තැනැත්තා බව පැවසේ. රොස්වෙල් පිටසක්වල යානාවේ හා කඩාවැටුනු වෙනත් යානාවල තාක්ශණික කොටස් විදෙස් රටවලින් ඔත්තුසේවා හරහා ලබාගන්නා ලද තාක්ශණික උපාංග බව හඟවමින් අමෙරිකාවේ අධිතාක්ශණික සමාගම් හා විශ්වවිද්‍යාල පර්යේෂණාගාරවලට බෙදා හැරි ආකාරය කෝර්සෝ සිය කෘතියෙහි විස්තර කරයි.
CIA සංවිධානයේ පූර්වප්‍රාප්තික OSS ආයතනය, ඇමිණුම් කටු මෙහෙයුම
OSS හෙවත් Office of Strategic Services යනු සී.අයි.ඒ සංවිධානයේ පූර්වගාමී ආයතනයයි. දෙවන ලෝක යුධ සමයේදී නට්සි ජර්මනියේ ඔත්තු සේවා සඳහා පිහිටවුනු මෙම ආයතනය යුද්ධයෙන් අනතුරුව පරාජිත නට්සි ජර්මනියේ විද්‍යාඥයින් විසින් හිට්ලර්ගේ යුධ යන්ත්‍රය සඳහා නිමවා තිබුණු අපූර්ව යුධ තාක්ශණයන් හා එම තාක්ශණයන් නිමැවූ විද්‍යාඥයින් මෙන්ම ඔවුන්ගේ පර්යේෂණාගාර පවා අමෙරිකාව වෙත පටවා යැවීමට දැවැන්ත කාර්යභාරයක් ඉටුකලේය.
නීල් ආම්ස්ට්‍රෝං සඳ වෙත ගෙනගිය සැටර්න් 5 අත්දැවැන්ත රොකට්ටුව නිර්මාණය කල, ඊට වසර 25කට පෙර හිට්ලර් උමතු යුධ සැළසුම් සඳහා ලන්ඩනය සුන්බුන් කල ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය වන V2 රොකට්ටුව නිර්මාණය කල වර්නර් වොන් බ්‍රෝන් හා ඔහුගේ සහයක විද්‍යාඥයින් හා රොකට් විශේෂඥයින් නට්සීන් ගේ යුධ අපරාද සඳහා දඬුවම් කිරීමට පිහිටුවා තිබූ නියුරම්බර්ග් යුද්ධාදිකරණයෙන් හසුනොවන ලෙස සඟවාගෙන අමෙරිකාවට ගෙන ආවේද ඕ.එස්.එස් ආයතනයයි.
Operation Paperclip හෙවත් ඇමිණුම් කටු මෙහෙයුම ලෙස හැඳින්වුනු මෙම මෙහෙයුම හරහා දරුණු ගණයේ යුධ අපරාධවලට සම්බන්ධවුනු නට්සි විද්‍යාඥයින් පවා ඔවුන්ගේ යුධ අපරාද පිලිබඳව තොරතුරු සඟවා රහසින් අමෙරිකාව ගෙන ආ ලද්දේ ඔවුන්ගේ පර්යේශණ හා නව නිර්මාණ හැකියාවන් අමෙරිකාවට ලබාගැනීම සඳහායි.
OSS සංවිධානය හා එහි අනුප්‍රාප්තික CIA සංවිධානය රොස්වෙල් හා අනෙකුත් පිටසක්වල යානා කඩාවැටීම් හා ඒවායේ තාක්ශණය උකහාගැනීම් මෙන්ම පිටසක්වල යානා පිලිබඳව අතිශය රහසිගත තොරතුරු අමෙරිකාවේ පොදුජනතාවට හෝ සතුරු රාජ්‍යවල ඔත්තුකරුවන් හට දැනගැනීමට නොහැකිවන ලෙස ආරක්ශාකිරීම භාරව ක්‍රියාකල බව පැවසෙනවා.
එමෙන්ම පිටසක්වල තාක්ශණය උකහාගැනීම සඳහා මෙන්ම පිටසක්වලයින් පෘථිවිය මත සිදුකරන ක්‍රියාකාරකම් නිරීක්ශණය, වාර්තාකිරීම, පර්යේෂණ කිරීම මෙන්ම ඒවා පාලනයකල හැකි ආකාරයන් සොයාගැනීම සඳහා රොස්වෙල් කඩාවැටීමෙන් වසරකට පමණ පසු අමෙරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් ස්ථාපිත කරනලද මැජෙස්ටික් 12 කමිටුවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස සී.අයි,.ඒ සංවිධානයේ අධ්‍යක්ශකවරයා පත්කොට සිටියා.
ඇමිණුම් කටු ව්‍යාපෘතියෙන් අමෙරිකාවට ආ නට්සි විද්‍යාඥයින් ලවා පිටසක්වල යානා සුන්බුන් පර්යේෂණවලට බඳුන්කොට එම තාක්ශනවල ක්‍රියාකාරිත්වය පිලිබඳ කල්පිත නිබන්ධන (Scientific Concept Papers) ලියවාගත්තාද?
මෙලෙස අමෙරිකාවට රහසිගත ලෙස ගෙන ආ නට්සි ජර්මන් විද්‍යාඥයින් හා විශේෂඥයින් රොස්වෙල් යානාවේ සුන්බුන් විවිධන් පර්යේෂණවලට බඳුන්කිරීමට හා එම පර්යේෂණ ප්‍රථිපල ආශ්‍රයෙන් එම තාක්ශණයන් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව කල්පිතයන් විස්තර කෙරෙන පර්යේෂණ නිබන්ධන පිලියෙල කිරීමේ කාර්යයන්ද පැවරුන බවට අනුමාන කෙරෙනවා. රහසින් අමෙරිකාවට ගෙන ආ නිසාත් යුධ අපරාධවට සම්බන්ධ බැවිනුත් මෙම ජර්මන් විද්‍යාඥයින්ගෙන් බොහෝ දෙනෙකු ඉතා නිහඬව මෙන්ම නිර්ණාමිකව මෙම කටයුතු වල යෙදුනු බවත් එම පත්‍රිකාවලින් ඔවුන්ගේ අනන්‍යතාවයක් හෙලිනොවන ආකාරයට ඒවා ලියැවී තිබුණු බවත් වාර්තා වනවා. මේ අනුව අමෙරිකානු යුධ ප්‍රධානීන්ට මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන් හටද පිටසක්වල තාක්ශණය අතිදක්ශ, එහෙත් ප්‍රසිද්ධියක් අපේක්ශා නොකරමින් රාජකාරිය සිදුකරන විද්‍යාඥයින් පිරිසක් ලවා විශ්ලේශණය කරගැනීමට හැකිවුනු බව පැවසෙනවා.
මෙවැනි නිර්නාමික තාක්ශණික කල්පිත පත්‍රිකා වෙනත් පර්යේශණාගාරවල සේවය කරමින් සිටි තෝරාගත් විද්‍යාඥයින් හට අතිශය රහසිගත ගිවිසුම් වලට යටත්ව ලබාදුන් බවට අනුමාන කෙරෙනවා. එම කල්පිට පත්‍රිකා ආධාරයෙන් නිර්මාණය වන නව තාක්ශණයන්ගේ අයිතිය මෙන්ම ඒවායෙන් ලැබෙන ආදායම් හා ප්‍රසිද්ධය හා ගෞරවයද එම විද්‍යාඥයින් හට හිමිකර ගැනීමට අවස්තාව ලබාදී ඇති බවද පැවසෙනවා.
සංගෘහිත පරිපථයේ නිර්මාතෲ OSS සාමාජිකයෙකු ලෙස යුධ සමයේ ක්‍රියාකිරීම අහම්බයක්ද?
සංගෘහිත පරිපථ පිලිබඳ තාක්ශණය රොස්වෙල් යානාවේ තිබී ප්‍රති-ඉන්ජිනේරුකරණය කරගත් තාක්ශණයක් බව පැවසෙනවා. එපමණක් නොව තවත් අපූරු අහම්බයක් (නැතහොත් නිශ්චිත සැළසුමකට අනුව සිදුවූවක්) නම් සංගෘහිත පරිපථයේ නිර්මාතෲවරයා ලෙස පිලිගැනීමට ලක්ව සිටින ජැක් කිල්බි දෙවන ලෝක යුධ සමයේදී OSS ආයතනයේ තාක්ශණික නිළධාරියෙකුව සිටි බවයි. OSS ආයතනය හෝ එහි අනුප්‍රාප්තික CIA සංවිධානය අතිශය රහසිගත පිටසක්වල සුන්බුන් පරික්ශාකිරීමට යම් අයෙකුට දෙන්නේනම් එම පුද්ගලයා ඉතා විශ්වාස කටයුතු පුද්ගලයෙකු වියයුතු බවට විවාදයක් නැත. ඒ අනුව කලක් OSS හි සේවය කල දක්ශ තාක්ශණික ශිල්පියෙකු හා පසුව ඉන්ජිනේරුවෙකු ලෙස උපාධිය දිනාගෙන අධිතාක්ශණික ඉලෙක්ට්‍රොණික උපකරණ නිර්මාණ සමාගමක එවකට සේවයේ නියුතුව සිටි ජැක් කිල්බි වැනි විශ්වාසවන්තයෙකුට එම අවස්ථාව ලැබාදීම එතරම් පුදුමයක් විය නොහැකියි නේද?
ඉලෙක්ට්‍රොනික උපාංග හැකිතාක් කුඩා කිරීමේ පර්යේෂණවල එවකට නියුතුව දක්ශ විද්‍යාඥයින් සියගණනක් අතුරින් කිල්බිට පමණක් සිලිකන් පෙත්තක් මත ට්‍රාන්සිස්ටර් වැනි උපාංග ස්ථාපණය කිරීමෙන් ඉතා කුඩා සංගෘහිත පරිපථයක් නිපදවිය හැකිය යන විප්ලවීය අදහස එක්වරම පහලවූයේ කෙසේදැයි ජැක් කිල්බිගේ චරිතාපදාන වලට අනුව විස්තර කෙරෙන්නේ නෑ. විකිපීඩියා හා වෙනත් කිල්බි පිලිබඳව ලියැවුනු චරිතාපදානවල, එවක (1957-58) ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට්ස් නැමති ඉලෙක්ට්‍රොණික සමාගමේ පර්යේශණ වල නියැලී සිටි කිල්බි හට මෙම අදහස පහලවී ඒ ඔහුගේ කළමණාකාරිත්වයට ඉදිරිපත් කොට පර්යේෂණ සඳහා අවසර ඉල්ලූ බව පැවසෙනවා....
පිටසක්වල තාක්ශණය අමෙරිකානු විද්‍යාඥයින් හට හා අධිතාක්ශණික සමාගම් වලට ලැබෙන ආකාරය දැන් පැහැදිලිද?
බොහෝ අවස්ථාවලදී මේ විද්‍යාඥයින් කිසිවෙකුටත් පිටසක්වල යානාවල කොටස් අධ්‍යයනය කිරීමට හෝ පර්යේෂණයට බඳුන්කොට තාක්ශණය උකහාගැනීමට ලැබෙන්නේ නෑ. එම පර්යේෂණ අතිශය රහසිගත ලෙස වෙනත් විද්‍යාඥයින් හා විශේෂඥයින් මගින් සිදුකරන අතර එම පරියේෂණ අදාලව ලියවුනු තාක්ශණික පත්‍රිකා හා කල්පිත පත්‍රිකා පමණක නිර්ණාමීකරණයට (anonymized) බඳුන්කොට වෙනත් විද්‍යාඥයින්ට ලබාදෙනවා.
මෙම කල්පිත පත්‍රිකා පරිශීලණය කරන තුන්වන පාර්ශවයේ විද්‍යාඥයින් හට ඔවුන් මේ කියවන්නේ පිටසක්වල තාක්ශණයක් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව ලියැවුනු කල්පිතයක් බවට වැටහීමක් ඇතිවන්නේ නෑ. බොහෝවිට මෙවැනි පත්‍රිකා අමෙරිකාවේ ක්‍රියාත්මක වන සියගණනාවක් අතිශය රහසිගත යුධමය කටයුතු පිලිබඳව පර්යේෂණ කෙරෙන පර්යේෂණාගාරයක විද්‍යාඥයෙකු විසින් රචිත, රාජ්‍ය රහස් ආරක්ශාකිරීමෙන් පනත් මගින් ආරක්ශා කොට ඇති තාක්ශණයක් පිලිබඳව පත්‍රිකාවක් බව එම විද්‍යාඥයින් හට හඟවනවා.
පිටසක්වල තාක්ශණය ඇසුරින් නිමැවුනු විද්‍යාත්මක සංකල්ප හා තාක්ශණ සංකල්ප අමෙරිකානු විද්‍යාගාර හා අධිතාක්ශණික සමාගම වෙත ලැබෙන්නේ මෙවැනි නිර්නාමකරණ ක්‍රියාවලියකින් පසු, එම තාක්ශණයේ ජන්මය පිලිබඳව සියලු තොරතුරු වසන් කිරීමෙන් පසුවයි.
Subscribe to:
Posts (Atom)